බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක් සිදුකරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළද මාස දෙකක් ඉක්ම යන තෙක් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ත්‍රිරෝද රථ සංගම් සහ ජනතාව චෝදනා කරන අතර,
ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් එම මිල නියාමනයට අනුව කටයුතු කළද බොහෝ රියැදුරන් මිල නියාමනයට අනුව කටයුතු නොකරන බවට චෝදනා එල්ල වේ .එමෙන්ම පසුගිය ජූලි මාසයේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව රුපියල් 100ක්ව පැවැති පළමු කිලෝමීටරයේ ගාස්තුව නොවෙනස්ව පවතින අතර දෙවන කිලෝමීටරයේ සිට පැවැති රුපියල් 100ක ගාස්තුව රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බවට එම අධිකාරිය පැවසීය.
එමෙන්ම ත්‍රිරෝද රථ තුළ මිල ප්‍රදර්ශනය වන පරිදි ගාස්තු මීටරයක් සවි කිරීම, ත්‍රිරෝද රථයේ ඉදිරිපස වම් කෙළවරේ අදාළ මිල ගණන් ප්‍රදර්ශණය කිරීමට ද මෙහිදී යෝජනා කෙරිණී.
කෙසේ වෙතත් එම මිල නියාමනය මෙතෙක් යථාර්ථයක් වී නොමැති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.