2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:28
නවතම පුවත්

බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ රැකියා ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය-

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසූ අතර
මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමයි. මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවත් අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම නව රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories