අපි ජාතික සැලැස්මක් සකස් කරනවා වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන්. විසඳුම් ලෙස මේ ආණ්ඩුව ගේන්නෙ හදිසි මිලදී ගැනීම්. මෙතන තිබෙන්නේ සේවක හෝ ඉංජිනේරු ප්‍රශ්නයක් නෙවෙයි.දේශපාලන ප්‍රශ්නයක්”… යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජනබලවේගයේ විදුලි බල හා බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඒ මහතා එසේ කීය.වර්තමානය වනවිට විසිරී ඇති බලශක්ති ක්‍ෂේත්‍රය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එක් අමාත්‍යාංශයක් තුළට ගෙන එන බව ද ඒ මහතා කීය.තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.
“බලශක්ති ක්‍ෂේත්‍රය පුරා පැතිරී තිබෙන කළු කතාව අපි අයින්කරලා දෙන්නම්. සුද්ද කරලා දෙන්නම්. විදුලි බල මණ්ඩලය අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගත කිරීමක් අවශ්‍යයි. විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අප පක්ෂපාතියි. හැබැයි අයුක්ති සහගත ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ඔක්කොම එක අමාත්‍යාංශයක් යටතට පිහිටුවනවා.”