බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර තිබේ.
මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ, ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ බව සඳහන්ය.
මේ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර, දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.
මීට පෙර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ තහනමට ලක්වීමත් සමඟ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව එම තනතුරේ වැඩබැලීම සඳහා පත් කෙරුණි.