2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:07
නවතම පුවත්

බන්ධනාගාරයට නිලධාරීන් 1,717ක් අඩුයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරී පුරප්පාඩු 1,717ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.12.31 දිනට අනුමත නිලධාරි සංඛ්‍යාව 7,872ක් වුවත් ඒ වන විට සේවයේ යෙදී සිටියේ 6,173ක් පමණක් බවත් තනතුරු දෙකකට අදාළව නිලධාරීන් 18 දෙනෙකු අතිරික්තව සිටි බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් කර ඇත.

බන්ධනාගාර රෝහල් 14ක ශ්‍රේණිගත වෛද්‍යවරු 22ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 5ක ශ්‍රේණිගත වෛද්‍යවරු 9ක පුරප්පාඩු තිබූ බව ත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

බන්ධනාගාර රෝහල් 04ක ලියාපදිංචි වෛද්‍යවරු 05ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 3ක ලියාපදිංචි වෛද්‍යවරු 5ක පුරප්පාඩුව තිබූ බව ත් එම විගණන වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් වේ.

වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට පැමිණීම සහ පිටවීම සම්බන්ධයෙන් ‍ෙදාරටු ලේඛනයන්හි ඇතුළත් තොරතුරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවිය යුතු වුවත් 2023 වර්ෂය තුළ එසේ යවා තිබුණේ බන්ධනාගාර රෝහල් කිහිපයක තොරතුරු පමණක් බව විගණනයේදී තහවුරු වී ඇත.

එසේ යවන ලද තොරතුරු ද ක්‍රමාණුකූලව සකස් කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.06.09 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ප්‍රකාරව වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට ඇතුළු වීමේදී හා පිටවීමේදී කටයුතු කළ යුතු බවද විගණන නිලධාරීහු සිය වාර්තාව මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරුණු පෙන්වා දී ඇත.

අගුණකොළපැලැස්ස, වටරැක, මීගමුව, මහර, බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරවල 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සිරකරුවන් 2316 දෙනකු නැවැත නැවැත බන්ධනාගාරගත වී ඇති බවත් එසේ නැවැත නැවැත බන්ධනාගාරගත වීම් හඳුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති බවත් විගණනයේදී තහවුරු වී තිබේ. සිරකරුවන් ලබාදෙන වාචික තොරතුරු මත මෙම නැවත නැවත සිරගත වීම් තොරතුරු වාර්තා කිරීමට ඒ ඒ බන්ධනාගාර කටයුතු කරන බවද විගණන නිලධාරීහු පෙන්වා දී ඇත.බන්ධනාගාරයට නිලධාරීන් 1,717ක් අඩුයි
By Mawbima -දෙසැම්බර් 27, 2024 පෙ.ව. 10:280

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරී පුරප්පාඩු 1,717ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.12.31 දිනට අනුමත නිලධාරි සංඛ්‍යාව 7,872ක් වුවත් ඒ වන විට සේවයේ යෙදී සිටියේ 6,173ක් පමණක් බවත් තනතුරු දෙකකට අදාළව නිලධාරීන් 18 දෙනෙකු අතිරික්තව සිටි බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් කර ඇත.

බන්ධනාගාර රෝහල් 14ක ශ්‍රේණිගත වෛද්‍යවරු 22ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 5ක ශ්‍රේණිගත වෛද්‍යවරු 9ක පුරප්පාඩු තිබූ බව ත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

බන්ධනාගාර රෝහල් 04ක ලියාපදිංචි වෛද්‍යවරු 05ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 3ක ලියාපදිංචි වෛද්‍යවරු 5ක පුරප්පාඩුව තිබූ බව ත් එම විගණන වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් වේ.

වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට පැමිණීම සහ පිටවීම සම්බන්ධයෙන් ‍විගණන ලේඛනයන්හි ඇතුළත් තොරතුරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවිය යුතු වුවත් 2023 වර්ෂය තුළ එසේ යවා තිබුණේ බන්ධනාගාර රෝහල් කිහිපයක තොරතුරු පමණක් බව විගණනයේදී තහවුරු වී ඇත.

එසේ යවන ලද තොරතුරු ද ක්‍රමාණුකූලව සකස් කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.06.09 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ප්‍රකාරව වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට ඇතුළු වීමේදී හා පිටවීමේදී කටයුතු කළ යුතු බවද විගණන නිලධාරීහු සිය වාර්තාව මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරුණු පෙන්වා දී ඇත.

අගුණකොළපැලැස්ස, වටරැක, මීගමුව, මහර, බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරවල 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සිරකරුවන් 2316 දෙනකු නැවැත නැවැත බන්ධනාගාරගත වී ඇති බවත් එසේ නැවැත නැවැත බන්ධනාගාරගත වීම් හඳුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති බවත් විගණනයේදී තහවුරු වී තිබේ. සිරකරුවන් ලබාදෙන වාචික තොරතුරු මත මෙම නැවත නැවත සිරගත වීම් තොරතුරු වාර්තා කිරීමට ඒ ඒ බන්ධනාගාර කටයුතු කරන බවද විගණන නිලධාරීහු පෙන්වා දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories