සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට තමා බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය යුතුදැයි කියා සිතුවිල්ලක් පහළව ඇතැයිද සඳහන් කරයි.සමාජයට මෙහෙවර කිරීමට දේශපාලනයම අවශ්‍ය නැතැයිද චිත්‍රපට නිෂ්පාදනය වැනි කලා නිර්මාණ මගින් එය කළ හැකි බවද පවසයි