ආනයනික අර්තාපල් සහ ලොකු ලූනුවලින් අය කරන විශේෂ වෙෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට තිබේ. ඒ අනුව පිළිවෙළින් අර්තාපල් කිලෝවකින් අය කළ ආනයනික බද්ද රුපියල් 10 කින් සහ ලොකු ලූනුවලින් අය කළ බද්ද රුපියල් 20කින් වැඩි කොට ඇත. මේ වන විට දේශීය ගොවි ජනතාව විසින් වගා කළ අර්තාපල් සහ ලොකු ලූනු වගාවන්හි අස්වැන්න නෙළන නිසා ආනයනික භාණ්ඩයන්හි හිඟ බද්ද වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.
දැනට ආනයනික අර්තාපල් කිලෝවකින් අය කරන බද්ද රුපියල් 50කි. එය නව බදු වැඩි කිරීම සමඟ රුපියල් 60 ක් වේ. ලොකු ලූනු කිලෝවකින් අය කරන බද්ද රුපියල් 10කි. එය ඉහළ දැමීම සමඟ රුපියල් 30ක් වේ.
දේශීය ගොවි බිම්වල අස්වනු නෙළන කාලයේ දී පිටරටින් ආහාර ද්‍රව්‍ය ( භාණ්ඩ ) ගෙන ඒම අධෛර්යයට පත් කිරීම මෙහි අරමුණ වී ඇත. ඉන් දේශීය ගොවියාට තම අස්වනු සඳහා ඉහළ මිලක් ලැබෙයි