2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:06
නවතම පුවත්

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් බැහැදැකීමට නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලට

බදුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී ඊයේ (ජූනි 21) සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 31 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මෙම අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මියගොස් ඇත්තේ අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි. මොවුන් බදුල්ල මුතියංගන වෙහෙර වන්දනා කර නැවත නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණියේය. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමට රජය කටයුතු කරන බවයි.

පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහායකවරයෙකු විසින් බවයි. බස් රථයේ රියැදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී මෙම තොරතුරු අනාවරණය විය. අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මේ අතර, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ සිදුවන අනතුරු ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. මීට පෙරද ආරක්ෂක විද්‍යා පීඨ සිසුන් හා උපදේශකයින් ගමන් ගත් බස් රථයක්ද තිරිංග නොමැතිව ගොස් අනතුරට පත්ව ඇත්තේ මෙම ස්ථානය ආසන්නයේදීය. එම අනතුරින් ආරක්ෂක විද්‍යාපීඨ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 40 දෙනෙකු තුවාල ලැබූහ.

එමෙන්ම, මෙම ස්ථානයට ආසන්නයේදී හමුදාවට අයත් ස්කැමල් යන්ත්‍රයක් තිරිංග දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වූ අතර, ත්‍රීරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත් වූ අතර යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලැබීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories