බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර ඇත.
2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ජාතික සංවර්ධන සැලසුම් වලට අනුකුලව ප්‍රාදේශීය මට්ටමේදි රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විසින් ක්‍රීයාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය කිරීම ක්‍රීයාත්මක කිරීම හා මෙහෙයවීම හා පසු විපරම් කිරීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ වගකීම වේ.
දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නිලධාරින්ගේ සහභාගිත්වය ලබා ගැනීමට ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපතිවරයා හට බලය පැවරෙන බවද අමාත්‍යංශය ප්‍රකාශ කරයි.