ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් ඇතුළු ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුස්ත උපහාර දැක්විම සිදු කෙරුණ අතර ,
උස්සවයෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා සහ දයාසිරි ජයසේකර මහතා අදහස් ප්‍රකාශ කළහ.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා අපි දෙන්නේ නෑ සමග ජන සන්ධානයෙන් තමයි නාම යෝජනා දෙන්නේ
සමගි ජන සන්ධානයෙන් තමයි අපි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ
වාහන පෙන්න පෙන්න බොරු සංදර්ශන දානවා මේ වාහන ජනතාව හිතන්නේ දේශපාලඥයෝ පැදපු ඒවා කියලා නෑ මේවා රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන
මේව වැරදි විදිහට විකුනලා තියෙනවා නං ආයෙ පාවිච්චි කරගන්නේ නැතුව විකුණන්න වෙන්දේසි දාන්න කියලා මම ඉල්ලනවා
සජිත් ප්‍රේමදාස අගමැති කරන්න අපි සහය දෙනවා “