දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පොල්කටු අඟුරුවලින් විවිධ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුව පිපිරී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 52ක්වූ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අද (14) උදෑසන 7:00ට පමණ මෙම පිපිරීම සිදු වී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ත් ඔවුන් මීගමුව මහ රෝහලට සහ අකරගම ප්‍රාදේශීය රෝහලට, දිවුලපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව ත් ය.
පෙරදින රාත්‍රියේ ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
මේ පිළිබඳව බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.