ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, දැනට වාර්ෂිකව බඩඉරිඟු මෙක්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයන කරන බවයි.
“මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් වශයෙන් රටින් පිට යනවා. ඒ නිසා අපිට උපදෙස් ලැබිලා තියෙනවා ලබන අවුරුද්දේ මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකරන්න ඕනේ. ඒ සඳහා අපි දැනට කරන නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මේ අවුරුද්දේ අපි බඩඉරිඟු සඳහා යොදන ඉඩම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ලොකු ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යන එක අඩු කරගන්න පුළුවන් කියලා.”