පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6කින් ජය ගත්තේ ය.
ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 99ක් පමණි.
ලකුණු 100ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 4ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී සිටියදි තරගය ජය ගත්තේ ය.
මේ අතර, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 9වැනි තරගය අද පැවැත්වෙයි.
ඒ දකුණු අප්‍රිකා සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතරයි.
සාජාහිදි පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.