බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබූ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බවය.
එමගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටද චෝදනා එල්ල වී ඇති බවට බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ අනුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.