බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් කඳවුරු සහ වධකාගාර පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වේ.
අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා අදාළ දෙදින විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පැවසීය.
අදාළ කොමිෂන් සභා වාර්තාව මාර්තු 14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙවන දින විවාදය මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
මෙයින් පසු අද දින විවාදයෙන් පසු පාර්ලිමේන්තුව මැයි 08 වන දින දක්වා කල් තබනු ලැබේ.