2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:17
නවතම පුවත්

බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත්

බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත් ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් පැවති මේ විරෝධතා අතරතුර, ඔවුන් ජනාධිපති මන්දිරය වැටලීමටත් උත්සාහ කර තිබුණි.

කෙසේ නමුත් එම උත්සාහය ව්‍යාර්ත කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

බංග්ලාදේශ රජය ගෙනා රැකියා කෝටා ක්‍රමවේදයකට එරෙහිව පසුගිය ජූලි මාසයේදී එරට ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා අවසන්වූයේ එරට අගමැතිනී ෂෙයික් හසීනාට ධුරය ද අහිමි කරමිනි.

විරෝධතාකරුවන් අගමැති මැඳුරට කඩා වැදීමෙන් මොහොතකට පෙර රටින් පලාගිය හසීනා එතැන් සිට රැඳී සිටින්නේ ඉන්දියාවේ ය.

මෙවන් පසුබිමක පාර්ලිමේන්තුව පවා වට කළ සිසු විරෝධතාකරුවන් රටට නව පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා ලදී.

ඒ ශිෂ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් සහ මොහමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර රජයක් පත්කරමිනි.

එතැන් පටන් රටේ දෛනික කටයුතු සාමාන්‍ය අතට හැරුණත්, නැවතත් එරට දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

සිසුන් නැවතත් මෙලෙස විරෝධතා ආරම්භ කර ඇත්තේ කරුණු පහක් ඉටුකරන්නැයි රජයට බලකරමින් වන අතර 2023 වසරේ සිට ධුරය දරමින් සිටින වත්මන් ජනාධිපති මොහොමඩ් ෂහාබදීන් ධුරයෙන් වහාම ඉවත්කිරීම එම ඉල්ලීම්වලින් එකකි.

ඒ අනුව විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය අසළට රැස්වී ඊට කඩා වැදීමට සූදානම් වී තිබුණි.

කෙසේ නමුත් ආරක්ෂක අංශ විරෝධතාකරුවන් මර්ධනය කිරීම හේතුවෙන් මෙම උත්සාහය ව්‍යාර්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චුප්පු ලෙසින් ප්‍රකට වත්මන් ජනාධිපති ෂහාබදීන්, බංග්ලාදේශයේ 16 වැනි ජනාධිපතිවරයා ය.

ඔහු ධුරයට පත්වූ 2023 ජනාධිපතිවරණය මෙන්ම ෂෙයික් හසීනා රජය 2014, 2018 සහ 2024 වසරවල පැවති මැතිවරණ සියල්ල නීති විරෝධී බවටද ශිෂ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කර තිබේ.

මේ අනුව වත්මන් ජනාධිපතිවරයාට ධුරයේ සිටීමට අයිතියක් නොමැති බව පිරිස අවධාරණය කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories