සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුව, රජයේ රෝහල් ගණනාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා අවසර දීමේ තීරණය ඉවත් කර ඇත.
ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේය.
පසුගිය රජය සමයේ තීරණය කර තිබුණේ හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමටයි.
මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර , කොළඹ විරෝධතාවක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැවැත්විණ.
වයඹ, සබරගමුව සහ මොරටුව විශාවවිද්‍යාල වල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටළු විසදීම,, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැකගැනීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ය. පසුව පිරිස ලෝටස් වටරවුම හරහා ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සහ කළ අතර පොලිසියෙන් ඊට බාදා එල්ල විය.