පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන , පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ
වීමකින් අසාධ්‍ය වූ සේවක සේවිකාවන් 500 ආසන්න පිරිසක් අද එනම් (19) දා පෙරවරුවේ
බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.
අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර තිබේ.
බකමූණ ප්‍රාදේශීය රෝහලේ රෝගීන්ගෙන් පිරිඇති හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.
අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවද බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.