ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දින එළිදැක්වීම සිදුවේ. මෙම උත්සවය අද පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. “ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙල” ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇති අතර මෙම වැඩපිළිවෙළ 2025-2035 ලෙස දස අවුරුදු වැඩපිළිවෙළකින් යුක්තයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත හිටලු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය 30 වැනිදා සුභ මොහොතින් පිළිගන්වා ඇත.