ශ්‍රී ලංකා පොලිස් සේවයට කාන්තා නිලධාරීන් 1000 ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය එළැඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර ඇත.
ඊට අමතරව පොලිස් නිලධාරීන් 5000 ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.