සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට, අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය පවසයි.
උපපොලිස් පරීක්ෂකවරයා පදිංචි ආනමඩුව ප්‍රදේශයේම පුද්ගලයකුට මෙලෙස සෙල්ලම් පිස්තෝලය පෙන්වා මරණ තර්ජනය කර ඇති බව පොලිසි අනාවරණය කරයි.