2025 ජූලි 18 සිකුරාදා, 17:49
නවතම පුවත්

පොලිස් ලොක්කන්ගේ බලතල ගැසට්ටුවකින් වෙනස් වෙයි

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා මේ වන විට ක්‍රියාත්මක බලතල සංශෝධනය කර තිබේ . ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. හෙට දින ( 01 ) සිට බලාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ . නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ.

එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පවරා ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. කෙසේවෙතත් එම නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් සේවය අතහැර යාම සම්බන්ධයෙන් කරනු ලබන නියෝගවලට එරෙහි අභියාචනා සලකාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබාදී තිබූ බලතල නව ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන්ට, පොලිස් පරීක්ෂක සහ පොලිස් පරික්ෂක නිලයට පහළ නිලයන් දරන නිලධාරීන් සහ පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සඳහා තම පරිපාලන බලප්‍රදේශය තුළ විනය ශාලා දඬුවම් නියම කිරීමට බලතල පවරා ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මේ අතර පොලිස්පතිවරයා හෝ පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පොලිස් නිලධාරියෙකු හට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි තවත් ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිසම මගින් නිකුත් කර ඇත.
උසස්වීමක්, ස්ථාන මාරුකිරීමක් හෝ විනය කරුණක් සම්බන්ධයෙන් ලබාදුන් කිසියම් නියෝගයකට හෝ සේවයෙන් පහකිරීමක් පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට ඊට එරෙහිව ලිඛිත අභියාචනයක් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකිරීමේ හැකියාව පවතින බව එහි දැක්වෙයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

දේශපාලන

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories