රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති අතර ඉකුත් පෙබරවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානය පවසන්නේ රථ වාහන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් දිරිමත් කිරීමත් රථ වාහන වැරදි අවම කිරීමට උපරිමයෙන් කටයුතු කිරීමටත් දිරිගැන්වීමක් වශයෙන් මෙම ත්‍යාගෙ මුදල් ගෙවීම් වැඩි කර ඇති බවයි.
ඒ අනුව ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන රථ වාහන අංශ ස්ථානාධිපතිවරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ හා කාර්යාලයේ රාජකාරියෙ නියැලෙන පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් වරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරන් සඳහාද මෙම ත්‍යාග මුදල් වර්ධනය ලබා දෙනු ඇත.