ශ්‍රී ලංකා පොලිසියට අද (30) නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
මෙම පත්වීම සිදු වී ඇත්තේ, මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ස්ථාන මාරු කිරීමත් සමඟයි.