පොලිස් සේවය සඳහා නව පොලිස් නිලධාරීන් 2,500ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස මෙම බඳවා ගැනීම් සිදුකරන බවයි.
මෙම නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව, ඉදිරියේදී තවත් පොලිස් නිලධාරීන් 2,500ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය විජේපාල වැඩිදුරටත් කියා සිටියේය.