2025 ජූනි 21 සෙනසුරාදා, 13:52
නවතම පුවත්

පොලිස් ඇමැතිගේ කතාව විකෘති කළේ කවුද?

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවාද්‍ය සහ නොමග යවනසුළු ආකාරයෙන් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළායැයි සංසරණය වන සාවාද්‍ය සහ නොමග යවනසුළු ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

“එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති” බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අප හට නිරීක්ෂණය විය.

නමුත් එම වීඩියෝ පට පසුගිය දා ගල්ගමුව ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කළ වීඩියෝ දර්ශන වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවේ සදහන් කර සිටියේ “නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මියයාම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවත්ය. එහිදී එතුමා තවදුරටත් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියානම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත් සංවිධානයක් ලෙස තහනම් කල සංවිධානයක් යලි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධාන වල අධිපත්‍ය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත්ය.”

ඒ අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සිදු කලේයයි පවසමින් සංසරණය වන විකෘති කල පුවත් සාවද්‍ය සහ නොමග යවන සුළු පුවත් බැවින් එම පුවත් නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්
ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories