රටේ පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ පැවසීය. එම මණ්ඩලයේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේසිංහ ඇතුළු නිළධාරීහු පිරිසක් සහභාගි වූහ.
පොල් වගාවට නිසියාකාරව පොල් පොහොර හා රසායනික වර්ග නොයෙදීම, සුදු මැස්සාගේ හානිය සේම අපනයනය සඳහා වියළි පොල් නිෂ්පාදනය ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙරට පාරිභෝජනයට සපයා ගන්නා පොල් ප්‍රමාණය අඩුවීමට හේතුවී තිබේ.
මේ වනවිට පොල් ඵලදාව සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල නිෂ්පාදනය කරන වියළි පොල් සඳහා ඉල්ලුම අඩුවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මෙරට වියළි පොල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයිද පැවසේ.
මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වන අතර, ඉන් සියයට 60ත් 70ත් අතර ප්‍රතිශතයක් දේශීය පාරිභෝජනය සඳහා යොදා ගන්නා බවද සභාපතිවරයා කීවේය. ඉතිරි ප්‍රමාණය කර්මාන්ත සඳහා යොදාගන්නා බවද ඔහු පැවසීය.