පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඒ අනුව අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවීමේ විපක්ෂයේ පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මුස්ලිම් පක්ෂ හා වතුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මෙම පොදු එකඟතාව ඇති කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරාගන්නා ආකාරය අදාළ සභිකයින්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද, කොටසක් සමඟි ජන බලවේගයෙන් සහ කොටසක් පොදු විපක්ෂයෙන් තෝරා පත්කර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
පක්ෂය විසින් ගෙන ඇති තීරණවලට පිටින් කටයුතු කරන සභිකයින්ට එරෙහිව දැඩිව විනය පියවර ගැනීමට ද තීරණය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.