ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු එම තනතුරු වලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී.වී චානක තේනුක විධානගමගේ ,ශෂීන්ද්‍ර රාජපක්ෂ ,අශෝක ප්‍රියන්ත, මෝහන් ද සිල්වා ,ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන මහත්වරුන් වෙති.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධූරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක් ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබිණ.කෙසේ වෙතත් ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධූර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදා කිරීමට ඊයේ තීරණය කළ ඇමති පවිත්‍රා වන්නේ රාජ්‍ය මහත්මිය තමා අතිශයින් පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
දේශපාලනය කිරීමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා එහිදී පරිත්‍රා වන්නේ රාජ්‍ය මහත්මියට ප්‍රකාශ කර ඇතැයි පැවසේ