පෙරහැර ආසනත් විකුණන් කයි.
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000-50,000 වැනි මිලකට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
එවැනි කටයුතු වලට දළදා මාලිගාව හෝ සතර මහා දේවාලවල සම්බන්ධයක් නොමැති බව ඔහු සඳහන් කළා.
ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් දළදා මාලගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවක දී දියවඩන නිලමේවරයා මේ බව කීවා.
මෙවැනි අසාධාරණ අය කිරීම් පිළිබඳව පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙස ඔහු පැවසුවා.
මේ ආකාරයට ඉහළ මිල ගණන්වලට පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් අපකීර්තියට පත්වන බව දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා