2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:42
නවතම පුවත්

පෙබරවාරි 17 සිට ඇමැතිලාට-නිලධාරීන්ට රට යන එක ජනපති තහනම් කරයි

පෙබරවාරි 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති ලේකම් එන්. එස්. කුමානායක විසින් සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ අදාළ නිලධාරීන්ට ඊට අදාළ චක්‍රලේඛයක් යොමුකර ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර දිසානායක විසින් ජාතික ජනබලවේගයේ පළමු අයවැය පෙබරවාරි 17 වැනිදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි සහ තෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා ආරම්භ වී මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.

අයවැය කාලසීමාව තුළ අමාත්‍යවරුන් නිල හෝ පෞද්ගලික විදේශ සංචාරවල නිරත නොවිය යුතු බවත්, අවශ්‍ය අවස්ථාවලදී විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය නියෝජනය සඳහා පහසුකම් සැලසිය යුතු බවත් ජනාධිපති කාර්යාලය උපදෙස් දී ඇත.

එමෙන්ම අමාත්‍යාංශවල විෂයපථයට අයත් ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සභාපතිවරුන්ට, ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද උපදෙස් ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙසයි.

අදාළ විෂයයන් සාකච්ඡාවට ගන්නා විවාදයේ කාරක සභා අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ සිටීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපති කාර්යාලය දන්වා ඇත.

අයවැය (විසර්ජන පනත් කෙටුම්පත) දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා ආරම්භ වී පෙබරවාරි 25 වැනිදා දක්වා පැවැත්වේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 වැනිදා ආරම්භ වී මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories