අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුරප්පාඩු වී ඇති අනුනායක ධූරය සඳහා නව අනුනායක හිමි තෝරාගැනීම අද (28) සවස සිදුකෙරේ.
ඒ මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ දී ය. පස්වරු 2.00ට ආරම්භ වන නිලවරණය මහානායක ආචාර්ය මොස්ට් වෙන්. වරකාගොඩ ඥාණරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලබා දී ඇත.
පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය හිස්වී තිබේ.
මෙවර අපේක්ෂකයන් ලෙස අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සහ මහියංගණය රජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි ඉදිරිපත් වී සිටී.