2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:51
නවතම පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව දේශීය ආයෝජකයෝ දැඩි ලෙස අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ, රජය මෑතකදී ගත් ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් සමස්ත ක්ෂේත්‍රයම කඩා වැටී ඇති බවයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු 30% කින් අඩු කිරීමට රජය ගත් එම තීරණය වහාම සමාලෝචනය කර, නව හා සාධාරණ මිල ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව දේශීය ආයෝජකයන්ගෙන් සමන්විත පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය අවධාරණය කරයි.

සම්මේලනයේ සභාපති තුසිත පීරිස් මහතා කියා සිටින්නේ, “විදුලිය මිලදී ගැනීමේ ගාස්තු කෘතිමව අඩුකර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පවත්වාගෙන යන දේශීය ආයෝජකයන් විදියට අපිට තිබෙන ප්‍රශ්නය තමයි මෙම නව මිල තීරණය කළේ කොහොමද? කුමන පදනමකින්ද යන්න පිළිබඳව.” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලි ජාලය සමග ඒකාබද්ධ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට තවමත් ඇති නොහැකියාව, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට සෘජු තර්ජනයක් වී ඇති බවයි. විදුලිබල මණ්ඩලය කරන කටයුතු කිසිදු අධීක්ෂණයට ලක් නොවීමෙන් බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවද පීරිස් මහතා පෙන්වා දෙයි.

විදුලි මිලදී ගැනීමේ ගාස්තු වහාම සංශෝධනය නොකර, බැටරි බලශක්ති ගබඩා පද්ධති ආනයනය සඳහා වන තීරු බදු සහ අනෙකුත් බදු සම්පූර්ණයෙන්ම රජය ඉවත් නොකළහොත්, මෙරට පුනර්ජනනීය බලශක්ති අංශයේ “මළගම” උදාවිය හැකි බවට තුසිත පීරිස් මහතා දැඩි අනතුරු ඇඟවීමක් කරයි. මෙම තත්ත්වය රටේ බලශක්ති සුරක්ෂිතභාවයට මෙන්ම පරිසර හිතකාමී අනාගතයටද සෘජුවම බලපෑ හැකි බැවින්, රජයේ කඩිනම් සහ ඵලදායී මැදිහත්වීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories