පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජුන අබේරත්න මහතා අද පැවසිය.
අධ්‍යක්ෂවරයා පවසා සිටියේ 26 උදේ කාලයෙ උසස් පෙළ විභාගයට සිසු දරුවන් ගමන් ගත් මාර්ග සවස් වන විට ජලයෙන් යටවූ බවයි.
පුත්තලම හින්දු හා මදුරන්කුලිය විද්‍යාලය දහවල් මහ වැසිත් සමග ජලයෙන් යටවි ගියේය.
ඒ හේතුවෙන් විභාගය අවසන්වි ගංවතුර මැද ඔවුන් ගමන් කළේය.(ලංකාදීප )