යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ මෙම ඍජු සාකච්ඡාව කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බවයි.
යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගැටුමේ මූල හේතු ඉවත් කිරීමට සහ දිගුකාලීන, කල් පවතින සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.