2026 මාර්තු 21 සෙනසුරාදා, 00:37
නවතම පුවත්

පුටින්, බල්ලෙක් නිසා ඇන්ජෙලාගෙන් සමාව ඉල්ලයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගෙන් සමාව අයැද තිබේ.

ඒ, 2007 වසරේදී රුසියාවේදී ඇය සමග පැවැති නිල හමුවකට පුටින් සිය සුරතල් ලැබ්‍රඩෝ සුනඛයකු රැගෙන ඒම සම්බන්ධවය.

සුරතලාව රැගෙනවිත් ඇයව බිය ගැන්වීමට අදහස් නොකළ බව පුටින් පැවසූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

”ඇන්ජලා, කරුණාකර මට සමාවන්න” යනුවෙන් පුටින් පවසා ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා පැවසීය.

පුටින් එලෙස ඇන්ජලා මර්කල්ගෙන් හිටිහැටියේ සමාව ඉල්ලා ඇත්තේ ඉකුත් අඟහරුවාදා ඇය නිකුත් කළ වාර්තාවකින් අනතුරුවයි.

එම වාර්තාවේ ඇය සිය ධූරකාලයේ මතක සටහන් සඳහන් කර තිබිණි.

සතුන් සඳහා දක්වන බිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බව පැවසෙන මර්කල්, 2007 දී සිදුවූ පුටින් හමුව මතක සටහන්වල සිහිපත් කර ඇත්තේ නොසන්සුන් හමුවීමක් ලෙසයි.

එම හමුවට පුටින් සුරතලා රැගෙන ඒම “බලය විදහා දැක්වීමක්” ලෙස පවසා ඇති මර්කල්, එම අවස්ථාවේ තමන් පත්වූ අපහසුතාවයෙන් පුටින් සතුටක් ලැබූ බව ද පවසා තිබේ.

කෙසේවෙතත් කසකස්තානයේ අගනුවර වන අස්තානා හි පැවති ජනමාධ්‍ය හමුවකදී මර්කල්ගේ චෝදනාවට පුටින් මෙලෙස ප්‍රතිචාර දැක්වීය, ”ඇය බල්ලන්ට බය බව මම දැන සිටියේ නැහැ, මම නැවත වරක් ඇයට මාධ්‍ය හරහා ආයාචනා කරමින් මෙසේ කියමි, ඇන්ජෙලා, කරුණාකර මට සමාව දෙන්න, මට ඔබට කිසිම හිත් වේදනාවක් ඇති කිරීමට අවශ්‍ය වුණේ නැහැ., මට අවශ්‍ය වූයේ අපගේ සංවාදයට හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමටයි” පුටින් පැවසීය.

2007 රුසියානු නගරයක් වන සෝචි හි එවක හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් හමුවූ අවස්ථාවේ ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ පුටින්ට අයත් කළු ලැබ්‍රඩෝ රිට්‍රීවර් වර්ගයේ කොනී නමැති හොඳින් වැඩුණු සුනඛයකු ජර්මානු චාන්සරල්වරියගේ ආසන්නයට පැමිණෙන විට ඇය අපහසුතාවට පත්වන බව හා ඒ මොහොතේ පුටින් සිනහ නගන අයුරුයි.

පුටින් සුනඛයන්ට ප්‍රියකරන අයකු ලෙස ප්‍රසිද්ධ වන අතර අවස්ථා කිහිපයකදී විදෙස් සංචාරවලදී ද ප්‍රභූවරුන්ගෙන් සුනඛයන් ත්‍යාග ලෙස ලබාගෙන ඇත.

කෙසේවෙතත් ඇන්ජලා මර්කල් ජර්මානු චාන්සලර්වරිය ලෙස කටයුතු කළ සමයේ ඇය ලොව බලවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැළකෙන්නේ ලොව බලවත්ම පුද්ගලයන් අතර ප්‍රමුඛයා ලෙසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories