දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා තිබෙන අතර, දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවත් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.