පළාත් පාලන ඡන්දයේ, ඡන්ද විමසීමේ කටයුතු අද (6) උදෑසන 7ට ආරම්භ විය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මෙවරත් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වී සිටියි.
“රාජ්‍ය දේපළ අවභාවිතා නොකල , ඉතිහාසයේ පළමු මැතිවරණය මෙයයි.- පැෆ්රල් සංවිධානය -” යනුවෙන් පැෆ්රල් සංවිධානය කළා යැයි දැක්වෙන ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි. නමුත් පැෆ්රල් ආයතනයේ විධයක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙම ප්‍රකාශ අසත්‍ය වන බවත් අප්‍රේල් 18 වැනිදා වනවිට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිදුවීම් 20කට ආසන්න ප්‍රමාණයක් ද මැයි මස 05 වැනිදා රාත්‍රිය වනවිට අදාළ සිදුවීම්වලින් 18ක් තහවුරු කර ඇති බවත් ය.