පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේග අපේක්ෂකයන් තෝරන මූලික සම්මුඛ පරීක්ෂණ අද (15) සහ හෙට ( 16) දිනවල පැවැත්වීමට නියමිත බව සජබ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන ලෙස සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ද මහලේකම්වරයා කීවේය.
අවම තරමින් ඒ ඒ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තුව නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රිවරුන් දෙදෙනෙකු හෝ මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා සහභාගී වන බව ඔහු පැවසීය.
එසේ ම, සමගි ජන බලවේගයට සම්බන්ධ ප්‍රවීණ නීතිඥයන් පිරිසක් ද මේ සඳහා සහභාගී වන බව ද ඔහු කීය.
සමගි ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණ සඳහා තරග කිරීමට හොඳ ඉල්ලුමක් පවතින බව ත් ජයග්‍රහණය කිරීමට හැකි අය තරගයට ඉදිරිපත් කරන බව ත් ඔහු කීය.
එසේ ම, මැතිවරණයේදී තරුණ නියෝජනය සියයට 25ක් ලෙස ඉදිරිපත් කරවන බව මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
අදාළ දිස්ත්‍රික්කවල ජාතික සංවිධායකවරුන් හා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව මහ ලේකම්වරයා වැඩිදුරට ත් පැවසීය.