අද අලුයම දකුණු පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් (සැතපුම් 10.5ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
භූ කම්පනය සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
ඇගුසන් ඩෙල් සූර්, ඩවාඕ ඩි ඔරෝ, ඩාවෝ සිටි, ඩවාඕ ඔක්සිඩෙන්ටල් ඇතුළු මින්දනාඕ කලාපයේ බොහෝ පළාත්වලට සහ මධ්‍යම පිලිපීනයේ සමහර ප්‍රදේශවලට ද කම්පනය දැනී තිබෙනවා.
ප්‍රාදේශීය භූ කම්පන ඒජන්සිය භූ කම්පනයෙන් කිසිදු හානියක් අපේක්ෂා නොකළ නමුත් පසු කම්පන ගැන අනතුරු අඟවා තිබෙනවා.