2025 අගෝස්තු 15 සිකුරාදා, 21:58
නවතම පුවත්

පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් දාපු එක නඩුවක්වත් තාම ඉවර නැතිලු

බැංකු පනත යටතේ නීති විරෝධී කටයුතුවල නියැලී ඇති බවට මහ බැංකුව විසින් තීරණය කරන ලද නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රම 20ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් තවමත් කිසිදු නඩු කටයුත්තක් අවසන් කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පැරණිතම පිරමිඩ යෝජනා ක්‍රම 2011 දී මහ බැංකුව විසින් තීරණය කරන ලද අතර එහි නීතිමය ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතින බව අධිපතිවරයා පෙන්වාදෙයි.

මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ යම් ආයතනයක් නීති විරෝධී කටයුතුවල නියැලී සිටීද යන්න මහ බැංකුව විමර්ශනය කර තීරණය කරන බවත්, තීරණය කිරීමෙන් පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් අධිපතිවරයා පැවසීය.

“CID එක තවදුරටත් විමර්ශනය කර පසුව නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවා. අපි 2011 දී පළමු නීති විරෝධී යෝජනා ක්‍රමය හඳුනා ගත්තා. නමුත්, එය තවමත් ක්‍රියාවලියේ පවතිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

මේ සඳහා නඩු පැවරීමේ අධිකාරිය සහ අධිකරණ ක්‍රියාවලිය වැනි සියලුම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දැවැන්ත උත්සාහයක් දැරිය යුතු බව ඔහු පැවසීය.

“සමහර නඩු ගොනු කළත්, නඩුව අවසන් කිරීමට දිගු කාලයක් ගතවෙනවා,” යැයි ද ඔහු පැවසීය.

ක්‍රියාවලියේ ඇති අඩුපාඩු හේතුවෙන් මහ බැංකුව වැඩි දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරන බව අධිපතිවරයා පැවසීය.

“හොඳම ක්‍රමය වන්නේ මූල්‍ය සාක්ෂරතාව මගින් මෙම යෝජනා ක්‍රමවලට පුද්ගලයන් ඇතුළුවීම වැළැක්වීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

නීතිමය රාමුවේ ඇති අඩුපාඩු සහ ප්‍රමාද වූ අධිකරණ ක්‍රියාවලියට විසඳුම් ලබා දිය යුතු බව ද ඔහු පැවසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories