2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:47
නවතම පුවත්

පිරමීඩ් මූල්‍ය ආයතනයක මහ මොළකරු අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර රටින් පලා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරු සහ සැකකාරිණිය විසින් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.අද (08) අලුයම මොවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මග හැර පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුය.

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ, මොහුගේ බිරිඳ, ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර පැවතීම, එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිල දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අද උදෑසන කොළඹ, කොටුව මූල්‍ය සහ වාණිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින්, එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories