තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු හා ඔහුගේ දියණිය මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ(18) රාත්‍රී 10.15 ට පමණ යතුරුපැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයා ඇතුළත් කර ඇත්තේ, ඇඹිලිපිටිය රෝහලටයි.
6 හැවිරිදි දියණිය රෝහලේදී මියගොස් ඇත.
T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි