අද දවස පුරාම බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි අපේක්ෂා කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපට පවසන්නේ, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
මේ අතර, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේත්, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං අපේක්ෂා කෙරේ.