2025 ජූනි 21 සෙනසුරාදා, 20:20
නවතම පුවත්

පැය 24 ට රිය අනතුරු පහකින් පස්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

එම අනතුරු, පිටිගල, මොරගහහේන, හික්කඩුව, බදුරලිය සහ කටුපොත යන ප්‍රදේශ වලදී සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) අළුයම් කාලයේ පිටිගල – පිටිගල ඇල්පිටිය මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී පිටිගල දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ පාපැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාපැදිකරු සහ යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර පාපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 68 ක් වූ අමුගොඩ, පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ උදෑසන මොරගහහේන, කොළඹ – හොරණ මාර්ගයේ ගෝනපල ප්‍රදේශයේදී හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු, පිටුපස අසුනේ ගමන්කළ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වෑතර රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 34 ක් වූ කුඩගල්ආර, මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම ඊයේ දහවල් හික්කඩුව, ගාල්ල – කොළඹ මාර්ගයේ දොඩංදූව ප්‍රදේශයේදී හික්කඩුව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන්කළ පාපැදිය පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 71 ක් වූ පහලගෙදර, බේරතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, ඊයේ සවස් කාලයේ බදුරලිය, මතුගම කෙලින්කන්ද මාර්ගයේ කොස්ගුලන ප්‍රදේශයේදී මතුගම දෙස සිට කෙලින්කන්ද දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හොරණ රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 35 ක් වූ කොස්ගුලන, මෝල්කාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රී කාලයේ කටුපොත, කඩහපොල – රඹාවැව මාර්ගයේ කටුමුළුව ප්‍රදේශයේදී රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය වූ වෑන් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් පදිකයා බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 63 ක් වූ කහවිටිය, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories