පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව පවසන අතර,
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර පොලිස් මුලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදි එම උපදෙස් ලැබුණු බවයි ඔහු සඳහන් කළේය.
අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් තවදුරටත් විමර්ශන කළ යුතු බව සාකච්ඡාවේදි දැනුම් දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදීමට ද නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.