2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

පාස්කු දිනය අදයි -පාස්කු ප්‍රහාරය ට වසර හයයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලැබේ.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ.

බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවය.

අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලබන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සදහන් කළේය.

මේ අතර පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම පැවැත්විය.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විය.

එමෙන්ම අද දිනයේ ද දිවයිනේ සියලු දේවස්ථානයකම දිව්‍ය පූජාවන් පැවැත්වෙන බවද සදහන් වේ.

මේ අතර කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙට දිනට වසර 06ක කාලයක් ගත වේ.

2019 අප්‍රේල් මස 21 වන දින එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

මේ අතර පසුගිය 18 වන දිනට යෙදුණු මහසිකුරාදා දිනයේ සිට දිවයිනේ සියලු දේවස්ථාන සහ ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ද යෙදවීමට කටයුතු කර ඇති බවද පොලීසිය පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories