වයස අවුරුදු 13 ත් 15 ත් අතර පාසල් සිසුන්ගෙන් 12.3% ක් පමණ කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව) පෙළෙන බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. මනෝවිශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකල සමීක්ෂණයකින් මෙම තත්ත්වය තහවුරු වී තිබේ.
මෙම සමීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසුන් 1524 ක් යොදාගෙන ඇත. මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස නිතර අමතර පන්තිවලට සහභාගී කරවීම සහ ක්‍රීඩාවලට සහභාගී නොකිරීම හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙම කාංසාමය තත්ත්වය ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන බවයි. මෙම තත්ත්වයන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළහොත් දරුවන්ට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බවට මනෝ විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති.
එබැවින්, තම දරුවන් කාංසාමය තත්ත්වයකින් පෙළෙන බවට හඳුනාගතහොත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දෙයි.