2026 මාර්තු 25 බදාදා, 03:14
නවතම පුවත්

පාසල් තුනක සිසු සිසුවියන් ජනාධිපති මන්දිරය නරඹති

අම්පාර කාවන්තිස්ස මධ්‍ය විද්‍යාලය, බලංගොඩ උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල සිසු සිසුවියන් අද (24) ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණ තිබේ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.

පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධව එම විද්‍යාලවල ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව ක්‍රියාත්මක වේ.

මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙම විද්‍යාලවලට වටිනා ශාක හා පුස්තකාලවලට වටිනා පොත් ලබාදීමද සිදුකෙරිණි.

මෙහිදී සිසු සිසුවියන් ඇමතූ ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ රටත්, සමාජයක් ගොඩනැඟිය හැක්කේ සියලු පුරවැසියන් එකට එක්වීමෙන් පමණක් බවයි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පැවතියත්, ආචාරධාර්මික පුරවැසියෙක් ගොඩනැඟීම ගුරුවරුන්ගේ වගකීමක් බවද සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දුෂ්කර ගම් හෝ දුෂ්කර පාසල් කියා සමාජයේ නොමැති බවත් තම අරමුණු වෙනුවෙන් කැපවීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බවත් පෙන්වා දුන් ඒ මහතා වත්මන් ජනාධිපතිවරයාද තඹුත්තේගම වැනි ඈත ගමක සිට ජනාධිපති ධුරය දක්වා පැමිණියේ කැපවීමෙන් හා නොසැලී අරමුණු කරා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් බව පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ) එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, චාරිකාවට සහභාගි වූ විද්‍යාවල විදුහල්පතිවරුද, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories