2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:27
නවතම පුවත්

පාසල් තුනක සිසු සිසුවියන් ජනාධිපති මන්දිරය නරඹති

අම්පාර කාවන්තිස්ස මධ්‍ය විද්‍යාලය, බලංගොඩ උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල සිසු සිසුවියන් අද (24) ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණ තිබේ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.

පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධව එම විද්‍යාලවල ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව ක්‍රියාත්මක වේ.

මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙම විද්‍යාලවලට වටිනා ශාක හා පුස්තකාලවලට වටිනා පොත් ලබාදීමද සිදුකෙරිණි.

මෙහිදී සිසු සිසුවියන් ඇමතූ ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ රටත්, සමාජයක් ගොඩනැඟිය හැක්කේ සියලු පුරවැසියන් එකට එක්වීමෙන් පමණක් බවයි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පැවතියත්, ආචාරධාර්මික පුරවැසියෙක් ගොඩනැඟීම ගුරුවරුන්ගේ වගකීමක් බවද සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දුෂ්කර ගම් හෝ දුෂ්කර පාසල් කියා සමාජයේ නොමැති බවත් තම අරමුණු වෙනුවෙන් කැපවීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බවත් පෙන්වා දුන් ඒ මහතා වත්මන් ජනාධිපතිවරයාද තඹුත්තේගම වැනි ඈත ගමක සිට ජනාධිපති ධුරය දක්වා පැමිණියේ කැපවීමෙන් හා නොසැලී අරමුණු කරා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් බව පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ) එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, චාරිකාවට සහභාගි වූ විද්‍යාවල විදුහල්පතිවරුද, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories