2024 ජනවාරි මස 01 දින සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.
එම කාලය තුළ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 16,530ක්.
එහිදී දඩ මුදල් ලෙස රුපියල් 136,159,999ක් නියම කර තිබෙනවා.
පාන් සඳහා සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 1557ක්.
සහල් සඳහා වැටලීම් 2382ක් සිදුකර ඇති අතර සුපිරි වෙළෙඳසැල් වැටලීම් 520ක් සිදුකර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේහ.